අන්තර්ජාලයේ විකිණෙන කාන්තාවන්

 

                      වෙබ් අඩවිවලට අමතරව සමාජ ජාල සහ පණිවුඩ සේවා යොදා ගනිමින් ලිංගික කටයුතු සඳහා කාන්තාවන් අලෙවි කිරීම සිදු වන බව හඳුනා ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

 

                     "ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිටු, ගිණුම්, ගෲප්, වට්ස්ඇප් ගෲප් ඔස්සේත් මේ කටයුතු සිදු වෙන බව වාර්තා වෙනවා," යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ BBC සිංහල සේවය වෙත කියා සිටියේය.

                                                                                                                  ඔහු බව සඳහන්
කළේ 2021 ජූලි ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීම සඳහා අන්තර්ජාලය යොදා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

දැරිය අලෙවි කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන වෙබ් අඩවි 06 ක් මූලික වශයෙන් හඳුනා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

දැරිය ලිංගික කටයුතු සඳහා මිලට ගත් සහ ඊට අනුබල, ආධාර දුන් බවට සැක කෙරෙන අය අතර සමාජයේ සෑම ස්ථරයක්ම පාහේ නියෝජනය කරන පුදගලයෝ වෙති.

                                           දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, ආරක්ෂක අංශ සහ වෛද්‍ය සේවයේ නිරත වූවන් මෙන්ම බෞද්ධ භික්ෂූන් අතර සිටින බව වාර්තා වෙයි.පහත දැක්වෙන්නේ සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙතැයි පැවසෙන නිරුවත් සහ අසභ්‍ය දර්ශන සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම පිළිබඳ කෙටි විමසුමකි.

අන්තර්ජාලය හරහා කාන්තාවන් ලිංගික කටයුතුවලට විකිණීම ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව වරදක් වන අතර එය හඳුන්වනු ලබන්නේ කුට්ටනය (පුද්ගලයන් වෙළඳාම හෝ ජාවාරම) යනුවෙනි.

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව පුද්ගලයෙකු විකිණීමට හෝ සැපයීමට හැකියාවක් නොමැත. සමාජ ජාල ඇතුළු අන්තර්ජාල භාවිතය ඉහළ යාමත් සමග ඒවා යොදා ගනිමින් කාන්තාවන් සහ බාලවයස්කරුවන් ලිංගික ක්‍රියාවල යෙදවීමේ වර්ධනයක් දක්නට ඇත.ලිංගික කටයුතු සඳහා පුද්ගලයන් අලෙවි කළ ඉහත කී වෙබ් අඩවි 06 වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව මේ වන විට පෙනී ගොස් තිබේ.

 

'නිරුවත් පිංතූර, අසභ්‍ය වීඩියෝ, බ්ලූ ෆිල්ම් සහ පෝර්න් බෙදා හරින ගෲප්'

කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවිවලට අමතරව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිටු, ගිණුම්, ගෲප්, වට්ස්ඇප් ගෲප් (කණ්ඩායම්) ඔස්සේ නිරුවත් ඡායරූප, අසභ්‍ය වීඩියෝ දර්ශන, නිල් චිත්‍රපටි හුවමාරු කර ගැනීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

'ෆෝවර්ඩ් කිරීම, ෂෙයාර් කිරීමත් වැරැද්දක්'

අන්තර්ජාලය වෙත මුදා හැරෙන නිරුවත් දර්ශන සහිත හෝ අතිශය පුද්ගලික දර්ශන සහිත වීඩියෝවලට අදාළ යොමු (Link) ලබා දෙන ලෙස කෙරෙන ඉල්ලීම් ඇතැම් විට සමාජ ජාල තුළ දැකිය හැක.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අසභ්‍ය ප්‍රකාශන බෙදා හැරීම, තව කෙනෙකුට දීම වරදකි.

"විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 286 වෙනි වගන්තිය යටතේ ළමුන්ගේ අසභ්‍ය දර්ශන, වීඩියෝ පට, ඡායාරූප බෙදා හැරීම වරදක්. වගේම අසභ්‍ය ප්‍රකාශන පනත යටතේත් එය වරදක්,"

එවැනි නිරුවත් ඡායාරූප, නිල් චිත්‍රපට, වීඩියෝ දර්ශන තව කෙනෙකුට යැවීම, ෆෝවර්ඩ් කිරීම, ෂෙයාර් කිරීම එම නීතීන් යටතේ වරදක් බවට පත් වෙනවා, අප්ලෝඩ් කරන තැනැත්තා පමණක් නොවෙයි, බෙදා හරින තැනැත්තාත් වරදකරු වෙනවා. නිසා ගැන මතක තබාගෙන වැඩ කරන එක වැදගත් වෙනවා,"

ප්‍රධාන දේ තමයි කාන්තාවන් මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මේ වගේ අවස්ථා මගහැර ගන්න, 'Prevention is better than cure' කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා: 'ලෙඩේ හැදිලා සුව වෙනවට වැඩිය හොඳයි ලෙඩේ හදා ගන්නේ නැතුව ඉන්න එක'. පැත්ත ගැන සිතන්න. නීතිය ක්‍රියාත්මක කරනවට වඩා වලක්වා ගන්න උපරිම උත්සහ කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කළ හැකි වුවත් ඒ වෙද්දී ඇයට අපහාසවලට මුහුණ දීමට, ඇය ගැන සමාජයේ විවිධ මත පළ වීම වැනි සමාජය ඉදිරියේ අපවාදයට ලක් වීමට තිබෙන ඉඩකඩ වැඩියි.

 

 

Comments